Wednesday, November 2, 2016

ඇමරිකාව ජනාධිපති තෝරන හැටි


ඇමරිකාවෙ ජනාධිපතිවරයා තෝරන්නේ ජනප්‍රිය ජන්දෙන්වත්, විකල්ප ජන්දෙන් (ලංකාවේ පවතින්නෙ විකල්ප ජන්ද ක්‍රමයකි) වත් නොවේ. ඇමරිකාව තම ජනාධිපතිවරයා තෝරන්නේ "මැතිවරණ සමූහ ( Electoral college)"  මගිනි. මැතිවරණ සමූහයේ බහුතර ජන්දය සුරක්ෂිත කර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි.  මැතිවරණ සමූහයේ නියෝජිතයන් පත් වන්නේ ඇමරිකානු ප්‍රාන්ත පනහ කොන්ග්‍රසය තුල නියෝජනය වන අනුපාතයටයි

ඇමරිකානු ජනාධිපතිවරණයයේදී ඡන්දදායකයා ඍජුවම ජනාධිපති අපේක්ෂකයන්ට ඡන්දය නොදෙයි. ඒ වෙනුවට ඔවුන් ඡන්දය දෙන්නේ "මැතිවරණ සමූහ" නියෝජිතයන්ටයි. මැතිවරණ සමූහයේ නියෝජිතයන් විසින් පසුව ජනාධිපතිවරයා පත් කර ගනී. මුළු මැතිවරණ සමූහයේ නියෝජිතයන් ගණන 538කි (538 අංකය ලැබෙන්නේ සෙනෙට් සභාවේ සාමාජිකයන් ගණන 100 සහ කොංග්‍රස් සභාවේ සමාජිකයන් 438 දෙනා එකතු කිරීමෙන් ලැබෙන අගයයි).

 ඇමරිකානු ප්‍රාන්ත 50න් 48ක  ප්‍රාන්තයේ බහුතර ජන්ද දිනා ගන්නා අපේක්ෂකයා විසින් ප්‍රාන්තය සතු සියළු මැතිවරණ සමූහ නියෝජිතයන් දිනා ගනු ලැබේ (Winner takes all) . මෙම ක්‍රමයෙන් තනි ජන්ද දායකයාට වඩා ප්‍රාන්ත වලට වැඩි ප්‍රමුකතාවයක් හිමි වෙනවා.


ඇතැම් අවස්ථාවලදී මැතිවරණ සමූහය ජයග්‍රහණය කරන අපේක්ෂකයා ජනප්‍රිය ජන්දයෙන් පරාජය වෙයි. 2000 අවුරුද්දේ ජෝර්ජ් බුෂ් සහ ඇල් ගෝර් අතර ජනපතිවරණ සටනේ බහුතර ජන්දය ඇල් ගෝර් දිනා ගත් අතර ඔහු මැතිවරණ සමූහයේ ජන්දයෙන් පැරදුණ නිසා ජනපති පදවිය ඇල් ගෝර්ගෙන් ගිලිහී ජෝර්ජ් බුෂ් ට හිමි වුනා.


ජනාධිපති වීමට මැතිවරණ සමූහ නියෝජිතයන්ගෙන් අවම ලෙස 270 දෙනෙකුගේ සහය ලබා ගත යුතුයි. කිසිම අපේක්ෂකයකුට 270 නොලැබේ නම් ජනාධිපති පත් කිරීමේ බලය ලැබෙන්නෙ කොංග්‍රසයටයි


No comments:

Post a Comment