Monday, November 28, 2016

The Siege of Jadotville | ජෙඩොවිල් සංග්‍රාමය



1960 දී කොන්ගෝව බෙල්ජියමෙන් නිදහස ලබනවා. මෙය බොහොම කලබලයෙන් සහ කිසිම සැලසුමකින් තොරව ලබා දීපු නිදහසක්. හමුදා, සිවිල් සේවා පාලනය කරන්න දැනුම තියන කොන්ගෝ ස්වදේශිකයක් හිඟයක් තිබුනා. නිදහස ලබා දී පළමු සතියේම හමුදාව තුල කැ‍රැල්ලක් ඇති වෙනවා. ඊට අමතරව සුදු සහ කලු ජාතිකයන් අතර ප්‍රචණ්ඩ ක්‍රියාද ඇති වෙනවා. බෙල්ජියම පලායන සුදු ජාතිකයන්ගේ ආරක්ෂාවට සෙබළු පිටත් කර හරිනවා. මේ අතරම බෙල්ජියම් සහයෙන් කටන්ගා සහ දකුණු කසායි ප්‍රාන්ත කොන්ගෝවෙන් වෙන් වෙනවා. මෙයින් කටන්ගා ප්‍රාන්තය ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශයක්

 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන්න එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කණ්ඩායමක් කොන්ගෝවට එනවා. The Siege of Jadotville චිත්‍රපටයේ කතා නායකයා පැට් ක්වින්ලන් (Pat Quinlan) අයර්ලන්තය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ අණදෙන නිළධාරියායි. මොහු අණ දෙන හමුදා කණ්ඩායම කටන්ගා ප්‍රාන්තයේ "Jadotville " ප්‍රදේශයේ කදවුරු බදිනවා. කටන්ගා ප්‍රාන්තයේ අගමැති මෙය දකින්නේ ආක්‍රමණකාරී ක්‍රියාවක් විදිහට. කටන්ගා ප්‍රාන්ත අගමැතිට පක්ෂපාත කුලී සෙබළු ප්‍රමුඛ හමුදා කණ්ඩායම් Jadotville හි කදවුරු ලාගෙන සිටින පැට් ක්විලන්ගේ සෙබළුන්ට වට කර පහර දෙනවා.  දින  6ක් පුරාවට සටන් පැවතිනත් කිසිම අයර්ලන්ත සාම සාධක සෙබළෙක්වත් මිය යන්නේ නෑ. නමුත් ප්‍රතිවිරුද්ධ කටන්ගා කුලී හේවායන්ට බරපතල හානි සිදුවෙනවා. හයවෙනි දින අවසානයේදී සාම සාධක හමුදාවේ පතුරම් සහ වෙනත් සැපයුම් අවසන් වෙනවා. පැට් ක්විනන්ගේ බලකායට යටත් වීම හැර වෙනත් විකල්පක් නැහැ. ඔවුන් යටත් වෙනවා.

පැට් ක්වින්ලන් ඇතුලු අයර්ලන්ත සාම සාධක සෙබළු මාසයක පමණ කාලයක් කටන්ගා ප්‍රාන්තයේ සිරකරුවන් වෙනවා. ඔවුන් නිදහස් විමෙන් පසුව ඉහළ අධිකාරීන් ඔවුන්ව සැලකුවේ බය ගුල්ලන් විදිහට. ඔවුන්ට ලැබිය යුතු පදක්කම් හා පිළිගැනීම් නොසලකා හරිනවා.  නමුත් අවුරුදු ගණනාවකට පසුව 2004දී අයර්ලන්ත අධිකාරීන් Jadotville හිදී තම සෙබළු කල කැපවීම් වලට නිල පිළිගැනීමක් ලබා දෙනවා.


2 comments: